තමිල්නාඩු ප්‍රාන්තයේ දැඩි ගංවතුර තත්වයක්

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට කඩා හැලෙන දැඩි වර්ෂාව සහ සුළං හේතුවෙන් මේ වන විට ගංවතුර තත්වයක් හට ගෙන තිබේ.

දැඩි ගංවතුර හේතුවෙන් තමිල්නාඩු ප්‍රාන්තයේ පුද්ගලයන් හතළිස් දෙනකු පමණ මියගොස් ඇති බවටයි තොරතුරු ලැබී තිබෙන්නේ.

ඊට අමතරව දහස් ගණනක් ගංවතුරින් පීඩා විඳිමින් සිටින අතර වගා බිම් වලට දැඩි හානි සිදු වී ඇති බවයි පැවසෙන්නේ.

බීබීසි දෙමළ අංශයේ මුරලිදරන් කාසිවිශ්වනාදන් මේ වන විට තමිල්නාඩුවේ ගංවතුර බලපා ඇති ප්‍රදේශයට ගොස් ඇති අතර වැඩි විස්තර ලැබුණු විගස ඔබ වෙත ගෙන ඒමට අපි බලාපොරොත්තු වෙමු.