මම එච්අයිවී ආසාදිතයෙක් - චාලි ශීන්

Image copyright Getty Images

තමන් එචිඅයිවී ආසාදිතයකු බව ජනප්‍රිය හොලිවුඩ් නළු චාලි ශීන් පවසයි.

එක්සත් ජනපදයේ රූපවාහිනී නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් චාලි ශීන් කියා සිටියේ තමා HIV ආසාදිතයෙකු බව පිළිගන්නා බවයි.

Image copyright Reuters

සිය රෝගී තත්වය පිළිබඳව ජන මාධ්‍යවලට හෙළි කිරීම වළක්වා ගැනීම සඳහා ඇතැම් අයට මුදල් ගෙවීමට සිදු වූ බවත් එම ගෙවීම්වල එකතුව මිලියන ගණනක් වන බවත් චාලි ශීන් හෙළිදරව් කළේය.

Image copyright Getty

එච්අයිවී වෛරසය ආසාදනය වී ඇති බව තමන් දැන ගත්තේ මීට වසර හතරකට පෙර බවද ඔහු පිළිගත්තේය.

හොලිවුඩ් චිත්‍රපට රැසක ප්‍රධාන චරිතය රඟපෑ ඔහු පසුව රූපවාහිනී කතා මාලා ඔස්සේ ජනප්‍රියත්වයට පත් විය.