ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මිනිස් උමඟ තරණය කළ බලු සුරතලා වාර්තා පොතට

පේරු රාජ්‍යයේ ඔටෝ නමැති බුල්ඩෝග් වර්ගයේ බලු සුරතලෙක් ගිනස් වාර්තාවක් බිඳ හෙළා තිබේ.

මෙම බලු සුරතලා ගිනස් වාර්තා පොත අලුත් කළේ රෝද සවි කළ පුවරුවක නැඟ උමඟක් ආකාරයට දෙපා ඈත් කොට එක පෙළට සිට ගත් මිනිසුන් අතරින් ගමන් කරමින්.

මෙය සුනඛයකු රෝද සවි කළ පුවරුවක නැඟ ධාවනයේ යෙදුන දිගම 'මිනිස් උමඟයි'.

එමගින් මීට පෙර පැවති ලෝක වාර්තාව බිඳ හෙලූ ඔටෝට නිල සහතිකයක්ද හිමි විය.

මිනිස් උමඟ නිර්මාණය කෙරුනේ පුද්ගලයෝ 30 දෙනෙකුගේ සහභාගීත්වයෙනි.