කුන්දුස් ප්‍රහාරය: 'වළක්වා ගත හැකිව තිබුණ අත්වැරැද්දක්'

Image copyright AP
Image caption දේශසීමා නොමැති වෛද්‍යවරුන් ගේ සංවිධානය එම ප්‍රහාරය හැඳින්වූවේ යුද අපරාධයක් ලෙසයි

ඇෆ්ගනිස්තානයේ කුන්දුස් නගරයේ පිහිටි රෝහලකට පසුගිය ඔක්තෝබර් මාසයේ එල්ල වූ ඇමරිකානු ගුවන් ප්‍රහාරය මඟ හරවා ගත හැකිව තිබූ අත්වැරැද්දක් බව ඒ පිළිබඳව පරීක්ෂණ සිදු කළ ඇමරිකානු හමුදා විමර්ශන කණ්ඩායම පවසයි.

රෝහලට එල්ල වූ ප්‍රහාරයෙන් එහි සිටි තිස් දෙනකු මරුමුවට පත් වූ අතර දේශසීමා නොමැති වෛද්‍යවරුන් ගේ සංවිධානය එම ප්‍රහාරය හැඳින්වූවේ යුද අපරාධයක් ලෙසයි.

ඇෆ්ගනිස්තානයේ සිටින ඇමරිකානු අණදෙන නිලධාරී ජනරාල් ජෝන් කැම්බෙල් කියා සිටියේ තාලිබාන් සංවිධානය විසින් අත්පත් කර ගනු ලැබූ ආණ්ඩුවේ ගොඩනැගිල්ලක් යැයි සිතා ගුවන් නියමුවන් එසේ පහර දී ඇති බවයි.

එය ඉතා කණගාටුදායක අත්වැරැද්දක් බව පැවසූ අණදෙන නිලධාරීවරයා වැඩිදුරටත් කියා සිටියේ සිද්ධියට සම්බන්ධ හමුදා සාමාජිකයන්ගේ සේවය දැනටමත් අත්හිටුවා ඇති බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර