ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

අනූ නවයෙන් දිවි බේරෙයි

රියදුරු පාලනයෙන් ගිලිහුණ මෝටර් රථයක් පුද්ගලයන් තිදෙනෙකු අසලින් ඇදී ගොස් ඒ අසල වූ වෙනත් රථයක ගැටෙන ආකාරය වීඩියෝ කැමරාවක පටි ගත වී තිබේ.

එක්සත් ජනපදයේ කනෙක්ටිකට් ප්‍රදේශයේදී අනතුරට පත් මෝටර් රථය පැයට සැතපුම් 85 වේගයෙන් ගමන් කොට ඇති බවයි ප්‍රාදේශීය පොලිසිය පවසන්නේ.

මෝටර් රථයේ ගමන් ගත් 21 හැවිරිදි රියදුරා අනතුරෙන් සුළු තුවාල ලබා ඇති අතර නොසැලකිලිමත් ලෙස රිය පැදවීම යටතේ ඔහුට එරෙහිව නඩු පවරා ඇති බවයෝ පොලිසිය කියා සිටියේ.