AirAsia: ගුවන් අනතුරට හේතුව 'දෝෂ සහිත උපාංගයක්'

Image copyright Lin MingHuang

පසුගිය වසරේදී ජාවා මුහුදට කඩා වැටුණු එයාර් ඒෂියා ගුවන් යානයේ තිබූ දෝෂ සහිත උපාංගයක් එම අනතුරට ප්‍රධාන හේතුව වන්නට ඇති බව ඉන්දුනීසියානු පරීක්ෂකයෝ පවසති.

ගුවන් යානය පාලනය කිරීම සඳහා සම්බන්ධ එක් පද්ධතියක් ගුවන් ගමන අතරවාරයේ සිව් වරක් නිසියාකාරව ක්‍රියා කොට නැති බවයි බලධාරියෙක් පැවසුවේ.

Image copyright EPA

පසුගිය දෙසැම්බර් මාසයේ සිදු වූ මෙම අනතුරින් 'ඒ 320' ගුවන් යානයේ ගමන් ගත් කාර්ය මණ්ඩලය ඇතුළු එකසිය හැට දෙදෙනකු ජීවිතක්ෂයට පත් විය.

අනතුරට පත් යානය එම වසර තුළ සිදු කළ ගුවන් ගමන් අතරවාරයේ විසි තුන් වතාවක් එම දෝෂයට මුහුණ දී ඇති බවත් බලධාරීහු පවසති.

එම දෝෂය සඳහා ගුවන් යානයේ ගමන් ගත් කාර්ය මණ්ඩලය දක්වා ඇති ප්‍රතිචාරයත් අනතුරට බලපා ඇති බවයි විමර්ශන වාර්තාවේ සඳහන් වන්නේ.