ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ෆේස්බුක් අදායම දරුවන්ගේ යහපතට - සකර්බර්ග්

ලොවම හඳුනන 'ෆේස්බුක්' නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් (Mark Zuckerberg) සහ ඔහුගේ බිරිඳ ප්‍රිසිල්ලා ( Priscilla) සිය සමාගමේ කොටස්වලින් 99% ක්ම සමාජ ශුභ සාධන ආයතනයකට පිරිනමන බව ප්‍රකාශයට පත් කර ඇත.

ඔවුන් දෙදෙනා විසින් එවැනි තීන්දුවක් ගනු ලැබ තිබෙන්නේ සිය පළමු දරුවා උපත ලැබීමත් සමඟයි.

මේ වන විට ෆේස්බුක් ව්‍යාපාරය සතු කොටස් වටිනාකම ඇමෙරිකානු ඩොලර් කෝටි හාරදහස් පන්සීයක් තරම් වෙයි.

තම වත්කම් වලින් 99% ක් ඔවුන්ගේ ජීවිත කාලයටම ශුභ සාධක ආයතනයකට පවරන බව සකර්බර්ග් යුවළ කියා සිටිති.

සිය පළමු දරුවා වන ‘මැක්ස්’ වෙනුවෙන් ලෝකයේ සියලු දරුවන්ගේ වෙනුවෙන් යහපත එවැනි තීන්දුවක් ගත් බවත් සකර්බර්ග් යුවළ පවසති.

(දර්ශන අනුග්‍රහය - මාර්ක් සකර්බර්ග්)