චෙන්නායි;ජලයෙන් යට වූ මහා නගරය

Image copyright b

දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි අගනුවර ජල ගැලීම් නිසා කොටු වී සිටින ජනතාව බේරා ගැනීමේ මෙහෙයුමක් දැන් ක්‍රියාත්මක කෙරෙමින් පවතී.

ගංවතුර උවදුරින් මරණයට පත් සංඛ්‍යාව මේ වන විට 270 ක් වන බවයි ඉන්දියාවේ ස්වදේශ කටයුතු භාර ඇමති රාජ්නාත් සිං පවසන්නේ.

යුද හමුදාව විසින් මේ වන විට 2000 කට අධික ජනතාව බේරා ගෙන ඇති අතර කිමිදුම් කරුවන් ,බෝට්ටු සහ සහන මෙහෙයුම් වලට අවශ්‍ය උපකරණ රැගත් යුද නැවක් යෙදවීමට ඉන්දීය නාවික හමුදාව තීරණය කර ඇති බවත් වාර්තා වෙයි.

Image copyright AFP

චෙන්නායි ගුවන් තොටුපොළ තවමත් වසා දමනු ලැබයි තිබෙන්නේ.

සියලු දුම්රිය ගමන් අත් හිටවනු ලැබ ඇත.

තමිල්නාඩු ප්‍රාන්තයට පුරා දින තුනක් වහින වැස්ස තවමත් නතර වී නොමැත.

මෙම වැසි ආරම්භ වුනේ පසුගිය මාසයේ අවසානයත් සමඟයි.

Image copyright b

චෙන්නායි අගනුවර බොහෝ කලාප තවමත් ගංවතුරින් යටවයි පවතින්නේ.

නගරයේ බොහෝ කලාප වල විදුලි බලය ඇනහිට ඇති අතර අන්තර්ජාල සබඳතා පවා ඇනහිටි තත්වයකුයි පවතින්නේ.

අගමැති නරේන්ද්‍ර මෝඩි ගුවන් මගින් තත්වය නිරීක්ෂණය කල අතර කලින් ප්‍රදානය කල ඉන්දියානු රුපියල් කෝටි 939 ට අමතරව තවත් කෝටි 1000 තමිල්නාඩුවට සපයන මෙන් නිර්දේශ කොට ඇත.

ඉන්දීය කාලගුණ දෙපාර්තමේන්තුව පවසන හැටියට වායු ගෝලයේ පවතින අහිතකර දේශගුණය ශ්‍රී ලංකාව කෙරෙහිත් බලපෑ හැකියි.

එම තත්වය තවත් දින කීපයකින් යහපත් අතට හැරිය හැකි බවත් ඉන්දීය කාලගුණ දෙපාර්තමේන්තුව පවසයි.