අවුන් සාන් සුචීට හිටපු හමුදා පාලකයාගේ 'සහාය'

Image copyright EPA
Image caption අවුන් සාන් සුචීගේ පක්ෂයට බලය හිමි වුවත් රටේ ව්‍යවස්ථාවට අනුව අවුන් සාන් සුචී ට ජනාධිපති පදවියට පත් විය නොහැකියි

මියන්මාරයට නායකත්වය ලබා දීම සඳහා එරට විපක්ෂ නායිකා අවුන් සාන් සුචි වෙත සහයෝගය ලබා දීමට හිටපු හමුදා පාලකයා එකඟ වී ඇති බව වාර්තා වේ.

හිටපු හමුදා ප්‍රධානී තාන් ශ්වේ සහ අවුන් සාන් සුචී අතර පැවති සාකච්ඡාවක් පිළිබඳ තාන් ශ්වේගේ මුනුබුරා කරුණු හෙළි කොට තිබේ.

අවුන් සාන් සුචී වසර ගණනාවක් පුරා නිවාස අඩස්සියේ තැබීමට නියෝග දුන් හිටපු හමුදා නායක තාන් ශ්වේ විසින් අවුන් සාන් සුචී මියන්මාරයේ අනාගත නායිකාව ලෙස එහිදී හඳුන්වා ඇති බවයි ඔහුගේ මුනුබුරා පවසන්නේ.

මියන්මාරයට නායකත්වය ලබා දීම සඳහා අවුන් සාන් සුචී වෙත සහාය පළ කිරීමට සිය මුත්තනුවන් කැමැත්ත පළ කොට ඇති බවත් ඔහු සඳහන් කොට තිබේ.

2011 පටන් මියන්මාරයේ පාලනය හිමි කර ගෙන සිටියේ හමුදා සහාය ලබන එක්සත් සහයෝගිතා වර්ධන පක්ෂය යි. (USDP)

Image copyright AFP
Image caption හිටපු හමුදා නායක ජෙනරාල් තාන් ශ්වේ තවමත් රට තුළ ප්‍රබල චරිතයක් බව බොහෝ දෙනෙක් විශ්වාස කරති

ඊට පෙර මියන්මාරයේ පැවතියේ හමුදා පාලනයකි.

ඔක්තෝබර් මාසයේ පැවති මියන්මාර මහ මැතිවරණයෙන් අවුන් සාන් සුචීගේ පක්ෂය විශිෂ්ට ජයක් වාර්තා කළේය.

අවුන් සාන් සුචීගේ පක්ෂයට බලය හිමි වුවත් රටේ ව්‍යවස්ථාවට අනුව අවුන් සාන් සුචී ට ජනාධිපති පදවියට පත් විය නොහැකියි.

තම පවුලේ සාමාජිකයෙකු හෝ වෙනත් රටක පුරවැසි භාවය ලබා ඇත්නම් ඔහු හෝ ඇය මියන්මාරයේ ජනාධිපති පදවියට පත් කිරීම ව්‍යවස්ථාවෙන් තහනම් කර තිබේ.

විපක්ෂ නායිකා අවුන් සාන් සුචීගේ මියගිය සැමියා සහ පුතුන් දෙදෙනා බ්‍රිතාන්‍ය පුරවැසියන්ය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර