පූතින්ගෙන් තම හමුදාවට දැඩි නියෝගයක්

Image copyright EPA

සිරියාවේ විපක්ෂ කණ්ඩායමක් වන ‘නිදහස් සිරියානු හමුදාවට’ අවි ආයුධ සහ ගුවන් සහාය ලබා දෙන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූතින් ප්‍රකාශ කළේය.

මේ අතරතුර සිය ආරක්ෂක මණ්ඩලය අමතමින් ජනාධිපති පූතින් කියා සිටියේ තම හමුදාවට තර්ජනයක් වන ඕනෑම බලවේගයක් වහාම විනාශ කළ යුතු බවයි.

රුසියාව තමන්ට සහාය ලබා දීමට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් නිදහස් සිරියානු හමුදාව තවමත් කිසිවක් ප්‍රකාශ කර නැත.

Image copyright Reuters

මීට මාස දෙකකට පෙර රුසියාව තම සහයෝගය ලබා දීමට ඉදිරිපත් වූ මොහොතේ එය නිදහස් සිරියානු හමුදාව ප්‍රතික්‍ෂේප කර තිබුණි.

ඔවුන් කියා සිටියේ රුසියාව විශ්වාස කළ නොහැකි බවයි.

මේ අතරතුර සිරියාවේ උතුරුකරයේ මෝටර් රථ බෝම්බ තුනක් පුපුරා ගිය බව වාර්තා විය.

Image copyright Reuters

විසි දෙනෙකුට අධික පිරිසක් මරණයට පත් වී ඇති බව නිල වාර්තා සඳහන් කරන නමුත් මිය ගිය පිරිස මීට වඩා බොහෝ ප්‍රමාණයකින් වැඩි බවයි නිල නොවන වාර්තා සඳහන් කරන්නේ.

මෙම ප්‍රදේශයේ පාලනය පවතින්නේ කුර්දිවරුන් යටතේයි.

මෙම ප්‍රහාරයේ වගකීම ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය භාර ගෙන තිබේ.