බුජුම්බුරා අගනුවරින් මළ සිරුරු 34ක් හමු වෙයි

Image caption බුරුන්ඩි රාජ්‍යයේ ජනපති පියරේ කුරුන්සියා සිය ධුරය සඳහා තුන් වන වරටත් තරඟ කරන බව නිවේදනය කිරීමෙන් පසු අප්‍රේල් මාසයේ සිට මේ දක්වා ඝාතනයට ලක් වී ඇති පිරිස දෙසීය පනහකට අධිකයි

බුරුන්ඩි රාජ්‍යයේ බුජුම්බුරා අගනුවර මාර්ගවල තිබී වෙඩි තබා ඝාතනය කරන ලද පුද්ගලයන් තිස් හතර දෙනකුගේ සිරුරු හමු වී තිබේ.

ඝාතනයට ලක් වී ඇති බොහෝ දෙනා තරුණ වියේ පසු වන්නන් වන අතර ඇතැමකුගේ දෙඅත් පිටුපසට කොට බැඳ දමා ඇත.

බුරුන්ඩි රාජ්‍යයේ ජනපති පියරේ කුරුන්සියා සිය ධුරය සඳහා තුන් වන වරටත් තරඟ කරන බව නිවේදනය කිරීමෙන් පසු අප්‍රේල් මාසයේ සිට මේ දක්වා ඝාතනයට ලක් වී ඇති පිරිස දෙසීය පනහකට අධිකයි.

දැඩි විරෝධතා මධ්‍යයේ ජනපති කුරුන්සියා මැතිවරණය ජය ගත් අතර ඊට එරෙහිව විපක්ෂ කණ්ඩායම් වීදි බැස ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ දියත් කළහ.

මේ අතර බුරුන්ඩි රාජ්‍ය ප්‍රබල අර්බුදයක අද්දරට පැමිණ ඇති බවට ජාත්‍යන්තර ප්‍රජාව අනතුරු හඟවති.