ගල්ෆ් හමුදා ප්‍රධානීන් දෙදෙනෙක් යෙමනයේදී මරුට

යෙමනයේ ‘හුති’ කැරලිකරුවන්ට එරෙහිව සටන් වැදී සිටිය දී මියගිය විදේශීය හමුදා භටයන් අතර සවුදි අරාබියේ ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියකු සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිලධාරියකු ද සිටින බව වාර්තා විය.

යෙමනයේ ආණ්ඩුව යළි ස්ථාපිත කිරීම පිණිස සටන් වැදී සිටින සවුදි අරාබියේ නායකත්වයෙන් යුත් ඒකාබද්ධ හමුදාවේ සෙබළුන් නවාතැන් ගෙන සිටින කඳවුරකට එල්ල වූ රොකට් ප්‍රහාරයකින් ඔවුන් මියගොස් ඇති බවයි සැලකෙන්නේ.

මියගිය පිරිස අතර සුඩාන ජාතික සොල්දාදුවෝ ද සිටිති.

මේ ප්‍රහාරය එල්ල වී තිබෙන්නේ හුති කැරලිකරුවන් සහ යෙමනයේ ආණ්ඩුව අතර හෙට සාම සාකච්ඡා ආරම්භ වීමට නියමිතව තිබියදීයි.

Image copyright EPA

සාකච්ඡා ආරම්භ වීමට ප්‍රථම අද මධ්‍යම රාත්‍රියේ සිට සටන් විරාමයක් ක්‍රියාත්මක වීමට නියමිතයි.