IMF ප්‍රතිසංස්කරණ වලට ඇමෙරිකානු කොන්ග්‍රසයේ අනුමැතිය

Image copyright Getty
Image caption මෙම වෙනස්කම් හරහා ගෝලීය ආර්ථික ස්ථායිතාව පවත්වා ගැනීමට ඇති හැකියාව වර්ධනය වනු ඇති බවයි ජාත්‍යන්තර මූල්‍යය අරමුදල පවසන්නේ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තුළ සංවර්ධනය වෙමින් පවතින රටවලට වැඩි හඬක් නැගීමට අවස්ථාව සැකසෙන පරිදි සකස් කළ ප්‍රතිසංස්කරණවලට ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය ලැබීම සම්බන්ධයෙන් චීනය සතුට පළ කරයි.

සංවර්ධනය වෙමින් පවතින රටවල වැඩෙමින් පවතින අර්ථක්‍රමයන්හි ශක්තිය වඩාත් හොදින් මූර්තිමත් කිරීම සඳහා බ්‍රසීලය සහ ඉන්දියාව වැනි රටවල ඡන්ද අයිතිය නංවාලීමක් ඉහත කී ප්‍රතිසංස්කරණ මගින් සිදු කෙරෙයි.

එවැනි ප්‍රතිසංස්කරණයක් සඳහා 2010 වසරේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය ලද නමුත් ඒ සඳහා ඇමරිකානු නීති සම්පාදකයන්ගේ අනුමැතිය දීම අත්හිටවනු ලැබ තිබුණ අතර එය සංවර්ධනය වෙමින් පවතින රටවල කෝපයට හේතු වී තිබුණි.

සිදු කරනු ලැබ ඇති වෙනස්කම් හරහා ගෝලීය ආර්ථික ස්ථායිතාව පවත්වා ගැනීමට සඳහා පවතින සිය හැකියාව වර්ධනය කෙරෙන බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ.