සෝනියා සහ රාහුල් අධිකරණය ඉදිරියට

Image caption වීදි විරෝධයක යෙදෙන සෝනියා ගාන්ධි ගේ ආධාරකරුවන්

ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන කොන්ග්‍රස් පක්ෂයේ නායකත්වය දරන සෝනියා ගාන්ධි සහ ඇගේ පුත් රාහුල් වංචා සහ දුෂණ චෝදනා මත දිල්ලි අධිකරණයක් හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව ඔවුනට ඇප ලබා දී තිබේ.

නීති විරෝධී ලෙස පුවත්පත් සමාගමක් මිල දී ගැනීම සඳහා කොන්ග්‍රස් පක්ෂ අරමුදල් දුෂිත ආකාරයෙන් යොදා ගෙන ඇති බවට පාලක BJP පක්ෂ සාමාජිකයෙකු විසින් ගොනුකරන ලද නඩුවක් සඳහායි සෝනියා ගාන්ධි සහ රාහුල් අධිකරණය ට කැඳවා ඇත්තේ.

මව සහ පුතු දෙදෙනා විසින් ම එම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර මෙය දේශපාලන උසිගැන්වීමක් මත කළ අභූත චෝදනාවක් බවයි ඔවුන් පවසන්නේ.

අධිකරණය හමුවේ දී ඔවුන් දෙදෙනාගෙන් කිසිවකු ප්‍රකාශ නිකුත් කොට නැති බවයි වාර්තා වන්නේ.

1970 වසරෙන් පසු පළමු වතාවටයි ඉන්දියාවේ ප්‍රබල නේරු-ගාන්ධි පවුලට අයත් වුවෙක් අධිකරණය හමුවේ මෙසේ පෙනී සිට ඇත්තේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර