ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

චීනයේ කර්මාන්ත පුරයක් නාය යයි

චීනයේ ෂෙන්සෙන් පළාතේ සිදු වූ නාය යාමකට ගොදුරු වී කර්මාන්ත පුරයක ගොඩනැගිලි විස්සක් පමණ විනාශ වී තිබේ.

සිය ගණනක් වූ පිරිසක් ප්‍රදේශයෙන් ඉවත් කර ඇති නමුත් කිහිප දෙනෙකු අතුරුදහන් වී ඇති බවයි වාර්තා වන්නේ.

කර්මාන්ත ශාලා සේවකයන්ගේ නේවාසිකාගාර දෙකක් ද නාය යාමට ගොදුරු වී ඇති අතර සුන්බුන්වලට යට වී සිටි හතර දෙනෙකු බේරා ගෙන තිබේ.

පසුගිය වසර දෙක ඇතුළත මෙම ප්‍රදේශය තුළ මහා පරිමාණයෙන් ඉදිකිරීම් කටයුතු සිදු වී තිබෙන බව චීන මාධ්‍ය වාර්තා කර තිබුණි.

එහි දී කොන්ක්‍රීට් කණු දැමීම සඳහා පොළොව තැනින් තැන හැරීම මෙම නායයාමට හේතු වී ඇති බවයි ඇතැමුන් පවසන්නේ.

මෙම ඉදිකිරීම් කටයුතු නීති විරෝධී අන්දමින් සිදු කර ඇති බවටද රාවයක් පවතී.

ඒ බව සනාථ වුවහොත් නිවාස බහුල ප්‍රදේශයක අනවසරයෙන් ඉදිකිරීම් සිදු වූයේ කෙසේද යන ප්‍රශ්නයට බලධාරීන්ට මුහුණ දීමට සිදුවනු ඇති බවයි එහි සිටින බීබීසී වාර්තාකරු පවසන්නේ.