2015: යුරෝපයට සංක්‍රමණිකයන් දස ලක්ෂයක්

Image copyright Reuters
Image caption වැසි කුණාටුවක් හමුවේ සිය දියණිය සිප ගනිමින් ග්‍රීසිය සහ මැසිඩෝනියාව අතර වූ දේශ සීමාව තරණය කරන පියෙක්

2015 වසරේදී ගොඩබිම් සහ මුහුදු මාර්ග ඔස්සේ යුරෝපය වෙත ළඟා වී ඇති සරණාගතයන් සහ සංක්‍රමණිකයන් සංඛ්‍යාව දස ලක්ෂය ඉක්ම ගොස් තිබේ.

පසුගිය වසරේ සංඛ්‍යා ලේඛන හා සැසඳීමේදී එම සංඛ්‍යාව සිව් ගුණයකින් ඉහළ ගොස් ඇති බවයි වාර්තා පෙන්වා දෙන්නේ.

මෙම පිරිසෙන් සියයට අසූවක පිරිසක් ග්‍රීසියේ මුහුදු මාවත් ඔස්සේ දකුණු යුරෝපය වෙත පැමිණ ඇති බව සංක්‍රමණික නිරීක්ෂණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය පැවසුවේය.

Image copyright AFP
Image caption පසුගිය වසරේ සංඛ්‍යා ලේඛන හා සැසඳීමේදී එම සංඛ්‍යාව සිව් ගුණයකින් ඉහළ ගොස් ඇති බවයි වාර්තා පේනවා දෙන්නේ

එලෙස යුරෝපය බලා පැමිණි සංක්‍රමණිකයන්ගෙන් අඩක් සිරියානුවන්.

සෙසු පිරිසෙන් අති බහුතරයක් ඇෆ්ගනිස්තානුවන්.

මධ්‍යධරනී මුහුද තරණය කිරීමට තැත් කරමින් සිටියදී තුන්දහස් හත් සියයකට ආසන්න සංක්‍රමණිකයන් පිරිසක් මරුමුවට පත් වී ඇති බව ඇස්තමේන්තු කොට තිබේ.