සෞදි රෝහලක මහා ගින්නක්

Image copyright Reuters
Image caption සහන සේවා විසින් ගින්න මැඩපවත්වා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට තිබේ

සෞදි අරාබියේ පිහිටි වරාය නගරයක රෝහලක් තුළ හට ගත් ගින්නක් හේතුවෙන් පුද්ගලයන් විසි පස් දෙනෙක් මරුමුවට පත් වී සියයකට අධික පිරිසක් තුවාල ලබති.

ජිසාන් නුවර පිහිටි ඉහත කී රෝහලේ මාතෘ සහ දැඩි සත්කාර ඒකක පිහිටි පළමු මහලේ ගින්න හට ගෙන තිබෙන්නේ බ්‍රහස්පතින්දා උදෑසනයි.

ගින්න හට ගැනීමට හේතුව මෙතෙක් පැහැදිලි වී නොමැත.

Image caption ජිසාන් නගරය පිහිටා ඇත්තේ යේමනය අතර වූ දේශ සීමාව ආසන්නයේයි

සහන සේවා විසින් ගින්න මැඩපවත්වා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

අනතුරින් තුවාල ලැබූ රෝගීන් වෙනත් රෝහලක් වෙත මරු කර යැවීමට කටයුතු කළ බවයි බලධාරීන් පවසන්නේ.

ජිසාන් නගරය පිහිටා ඇත්තේ යේමනය අතර වූ දේශ සීමාව ආසන්නයේයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර