පුතින්ගෙන් අගමැති මෝඩිට බෙංගාල කඩුවක්

Image copyright b

දින දෙකක සංචාරයක් ආරම්භ කරමින් මොස්කව් නගරයට ලඟා වී සිටින ඉන්දීය අගමැති නරේන්ද්‍ර ශ්‍රී මෝඩි නිල සාකච්ඡා ආරම්භ කළ බව වාර්තා වෙයි.

තමා රුසියාවේ ජනාධිපති පුතින් සමඟ ඊයේ පෞද්ගලික භෝජන සංග්‍රහයක දී සිදු කළ පළමු අදහස් හුවමාරු කර ගැනීම ඉතාම 'මිහිරි ප්‍රියජනක' වූ බවයි මෝඩි සමාජ මාධ්‍ය ජාලයට එක් කරන ලද පණිවුඩයක් මගින් කියා සිටියේ.

Image copyright Narendra Modi Facebook
Image caption ජනාධිපති පුතින්ගෙන් ලද කඩුව පිරික්සන ඉන්දීය අගමැතිවරයා.

ඉන්දියානු නායකයා ජනාධිපති ව්ලදිමීර් පුතින් සහ රුසියාවේ ව්‍යාපාරික ප්‍රධානීන් සමඟ අද නිල මට්ටමින් සාකච්ඡා කළ බවයි ජාත්‍යන්තර මාධ්‍ය මගින් වාර්තා කෙරුණේ.

සීතල යුද සමයේ සෝවියට් කඳවුරට සමීප පිළිවෙතක් අනුගමනය කළ ඉන්දියාව පසුගිය අවධියේ රුසියාවත් සමඟ පැවැත්වූ සබඳතා සංකීර්ණ මුහුණුවරක් ගෙන තිබුණි.

රුසියාව විසින් පාකිස්තානයට යුද අවි සැපයීම ඉන්දියාවේ මනාපයට හේතු නොවන අතර අනිත් අතින් ඉන්දියාව ඇමෙරිකානු සහ ප්‍රංශ යුද අවි වෙත නැඹුරු වීම රුසියාවේ අසතුටට හේතුවකි.

Image copyright Narendra Modi Facebook
Image caption තවත් තිළිණයක්. ගාන්ධිගේ දින පොතකින් පිටුවක් ඉන්දීය අගමැතිට.

එවැනි පරිසරයක් යටතේ 2000 වසරේ පටන් දිල්ලි පාලනය සහ ක්‍රෙම්ලිනය අතර මෙවැනි නායක මට්ටමේ සාකච්ඡා වාර්ෂික මට්ටමින් සංවිධානය කිරීමක් පසුගිය කාලය පුරා දක්නට ලැබුණි.

අගමැති මෝඩි ගේ මෙවර රුසියානු සංචාරයේ දී ආරක්ෂක සහ න්‍යෂ්ටික බල ශක්තිය කෙරෙහි අවධානය යොමු වනු ඇති බවයි පැවසෙන්නේ.

මේ සංචාරයේදී ඩොලර් කෝටි ගණනක් ආවරණය කෙරෙන ද්විපාර්ශ්වීය ගිවිසුම් කීපයක් අත්සන් කෙරෙන බවත් මාධ්‍ය වාර්තා මගින් පැවසෙයි.