බංග්ලාදේශ් 'බ්ලොග්' ඝාතකයන්ට මරණ දඬුවම

Image copyright Getty
Image caption ඝාතනය කරනු ලැබූ බංගලාදේශ බ්ලොග්කරුවන් සංකේතවත් කරමින් ඊට එරෙහිව ධකා අගනුවර පැවති උද්ඝෝෂණයක්

මෙයින් තෙවසරකට පමණ ඉහතදී මරා දැමුණු අනාගමික බ්ලොග් මාධ්‍යකරුවකුගේ ඝාතනයට වරදකරු වූ පුද්ගලයන් දෙදෙනකුට බංගලාදේශ අධිකරණයක් මරණීය දණ්ඩනය නියම කොට ඇත.

ඉහත කී පුද්ගලයන් දෙදෙනාගෙන් එක් අයකු අනභිමුඛයේයි දඬුවම නියම කෙරුණේ.

අහමද් රජිබ් හයිදර් නමැති බ්ලොග් මාධ්‍යකරුගේ ඝාතනයට සම්බන්ධ බවට තවත් පුද්ගලයන් හය දෙනකු වරදකරුවන් කොට තිබේ.

ඉහත කී බ්ලොග්කරු කපා කොටා මරා දමා තිබුණේ යුද අපරාධ සිදු කොට ඇති බවට චෝදනා ලත් ඉස්ලාමීය නායකයන්ට එරෙහිව අදහස් පළ කිරීමෙන් අනතුරුවයි.

අනාගමික බ්ලොග් ලේඛකයන් ඉලක්ක කොට බංගලාදේශය තුළ ඝාතන රැල්ලක් සිදු වූ අතර ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ අවධානය යොමු විය.

ඝාතනයට ලක් වූ අහමද් රජිබ්ගේ පියා බංගලාදේශ අධිකරණ ක්‍රියාදාමය විවේචනයට ලක් කරයි.

සිය පුත්‍රයා ඝාතනය කළ බවට වරදකරු වූ එක් අයකු තවමත් පොලිසිය මග හරිමින් පළා යමින් සිටීම ‘අදහාගත නොහැකි’ බවයි ඔහු කියා සිටියේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර