සම්මානනීය නවකතාවක් ඊශ්‍රායලය අවුස්සයි

Image copyright Getty

යුදෙව් කාන්තාවක සහ පලස්තීන ජාතික පුරුෂයකු අතර පෙම් පුවතක් මුල් කර ගත් සම්මානනීය නවකතාවක් ඊශ්‍රායල ප්‍රකට ගත් කතුවරයකු වන ආමෝස් ඕස් (Amoz Oz) විසින් මතභේදයට ලක් කොට තිබේ.

මෙම නවකතාව ඊශ්‍රායල උසස් පාසල් අධ්‍යාපන විෂය මාලාවේ භාවිත කිරීම තහනම් කොට තිබේ.

ඊට වඩා බයිබලය උගැන්ම නවතා දැමීම වඩාත් ඉක්මනින් සිදු කළ යුතු බවයි , ඉතාමත්ම උපහාසාත්මක භාෂාවකින් අදහස් දක්වන ආමෝස් ඕස් ප්‍රකාශ කරන්නේ.

යුදෙව්වන් සහ යුදෙව් නොවන පුද්ගලයන් අතර ලිංගික සම්බන්ධතාවලට වඩා දහස් ගුණයකින් හානිකර බවයි ඔහු පවසන්නේ.

ඊට හේතු වශයෙන් ඔහු දක්වන්නේ ඩේවිඩ් සහ සොලමන් යන රජවරුන් දෙදෙනා කිසිවිටක තම ආදරවන්තියන්ගේ ජාතිකත්වය සොයා නොබැලූ බවයි.

දොරිත් රොබින්යන් (Dorit Rabinyan) විසින් රචිත ‘Borderlife’ නැත්නම් ‘දේශ සීමාවේ ජීවිතය’ නමැති මතභේදයට තුඩුදී ඇති නවකතාව ඊශ්‍රායලයේ බලවත් විවේචනයට ලක්ව තිබේ.

මෙම තත්වය හට ගෙන තිබෙන්නේ මෙම නව කතාව මගින් ජාතික අනන්‍යතාව ප්‍රශ්න කිරීමට ලක් කරන බවට විශේෂයෙන් අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරියකු විසින් කරන ලද ප්‍රකාශයකින් පසුවයි.