IS සැලැස්මක් තිබුණා - ජර්මන් පොලීසිය

Image copyright AFP

අලුත් අවුරුද්දට පෙර දා, ඉස්ලාමීය කැරලිකරුවන්ගෙන් ප්‍රහාරයක් එල්ල විය හැකි බවට දැඩි අවදානමක් පැවතී නිසා, ඉලක්කයන් විය හැකි, මියුනිච් නගරයේ දුම්රිය ස්ථාන දෙකක් වසා දමනවා හැරෙන්නට වෙනත් විකල්පයක් නොවූ බව ජර්මන් පොලීසිය ප්‍රකාශ කරයි.

Image copyright EPA

විදේශ ඔත්තු සේවා වලින් ලැබුණු තොරතුරු මගින් ඉඟි කොට තිබුණේ පස්දෙනකුගෙන් හෝ හත්දෙනකුගෙන් සමන්විත ඉස්ලාමීය කැරලිකරුවන් කණ්ඩායමක් ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කරමින් සිටින බවයි.

එහෙත් එම තර්ජනය දැන් පහව ගොස් ඇති බව පවසන පොලීසිය එවැනි ප්‍රහාරයක් එල්ල කිරීමට ඉඩ ඇති ප්‍රහාරකයන් සිටින තැන් පිළිබඳව හෝඩුවාවක් නොමැති බවත් ප්‍රකාශ කළේය.

එම ප්‍රහාරකයන් ඉරාක සහ සිරියානු ජාතිකයන් ලෙසට විශ්වාස කෙරේ.