ලිබියාවේ ට්‍රක් රථ බෝම්බයක් - විශාල පිරිසක් මරුට

Image copyright AFP

ලිබියාවේ පොලිස් පුහුණු මධ්‍යස්ථානයකට එලල කරන ලද ට්‍රක් රථ බෝම්බයකින් අඩු වශයෙන් 47 දෙනකුවත් මිය ගොස් ඇති බවට වාර්තා වෙයි.

සියයකට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවටත් වාර්තා වී තිබේ.

ගඩාෆි පාලනය බිඳ වැටීමෙන් පසු එල්ලවූ දරුණුතම බෝම්බ ප්‍රහාරය මෙයයි.

ශ්ලිටන් (Zliten) නගරයේ පොලිස් පුහුණු මධ්‍යස්ථානයට අලුතින් බඳවා ගන්නා සිය ගණනක් පිරිස් පැමිණෙමින් සිටි අවස්ථාවේදී ට්‍රක් රථය පිපිරුණු බව පළාතේ නගරාධිපති වරයා පැවසුවේය.

ප්‍රහාරයේ වගකීම තවමත් කිසිවකු විසින් බාර ගෙන නැත.

නමුත් ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයට සම්බන්ධ සන්නද්ධ කණ්ඩායම් මෑතකදී එම පළාතේ ක්‍රියාත්මක වෙමින් සිට බවට වාර්තා වෙයි.