'කොලෝන් නුවර ලිංගික අතවර සංවිධානාත්මකයි'

Image copyright Reuters

නව වසර උදාව සිදු වන රාත්‍රියේ දී ජර්මනියේ කොලෝන් නුවර වීදිවල සිදු වූ සොරකම් සහ ලිංගික අතවර, සංවිධානාත්මක සිදු කරන ලද්දක් බව ජර්මානු අධිකරණ ඇමතිවරයා පවසයි.

මේ සඳහා සිය ගණනක් වූ පිරිස සංවිධානය වී ඇති අතර ඉන් වැඩි පිරිස දේශපාලන රැකවරණ පතා ජර්මනියට පැමිණි සරණාගතයන් බවයි ඔහු පවසන්නේ.

Image copyright AFP

ජර්මානු පුවත් පතක් සමඟ කරන ලද සාකච්ඡාවක දී ජර්මානු අධිකරණ ඇමතිවරයා මේ බව පවසා ඇති නමුත් ඒ සඳහා කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කර නැත.

පොලිසිය පවසන්නේ අඩන්තේට්ටම් පිළිබඳව ලැබුණු පැමිණිලි තුන්සිය අසූවකට ආසන්න ප්‍රමාණයක් මේ වන විට විමර්ශනය වෙමින් පවතින බවයි.

Image copyright Getty

සරණාගතයන්ට දොරටු විවර කිරීමට මෑතකදී ජර්මනිය ගත් තීරණය මෙම සිදුවීමත් සමඟ දැඩි විවාදයට ලක් වී තිබේ.

Image copyright Getty Images

අපරාධ ක්‍රියාවලට සම්බන්ධ වන සරණාගතයන් රටින් පිටුවහල් කිරීම පහසු කිරීම සඳහා නීති සකස් කිරීමට යෝජනා ගෙන එන බව ජර්මානු නායිකා අන්ගෙලා මාකෙල් ප්‍රකාශ කළේ ඉහත කී සිදුවීම් වාර්තා වීමෙන් පසුවයි.