පොප් ගායක ඩේවිඩ් බෝවී දිවියෙන් සමු ගනී

Image copyright AP

ලොව අග්‍රගන්‍ය පොප් සංගීත ශිල්පියකු වූ බ්‍රිතාන්‍ය ජාතික ගායක ඩේවිඩ් බෝවී දිවියෙන් සමු ගත්තේය.

කලක් පිළිකා රෝගයෙන් ඔත්පළ වී සිටි ඔහු මිය යන විට හැට නම වැනි වියේ පසු විය.

Image copyright AP

නිරන්තරයෙන් නව නිර්මාණවල නිරත වූ ඩේවිඩ් බෝවී දශක පහක සිය සංගීත දිවිය තුළ සංගීත ක්‍ෂේත්‍රයේ දිශානතිය වෙනස් කළ සංගීත ශිල්පියෙක්.

Image copyright AP

සිය ජීවිතයේ අවසානය දක්වාම නිර්මාණකරණයේ නිරත වූ ඩේවිඩ් බෝවී ගේ අවසාන ගී තැටිය එළි දැක්වුණේ මීට දින දෙකකට ඉහතදී.

Image copyright Getty

නළුවකු ද වූ ඩේවිඩ් බෝවී ගේ ඇඳුම් විලාසිතා ලොව පුරා නව පරපුරේ නව විලාසිතා මතු කිරීමටත් හේතු විය.