තමිල්නාඩු වෙරළට ගොඩ ගැසූ තල්මසුන් 45ක් මරුට

Image copyright bbc

දකුණු ඉන්දියාවේ වෙරළට ගොඩ ගසා සිටි තල්මසුන් රංචුවකින් හතළිස් පස් දෙනෙකු පමණ මිය ගොස් තිබේ.

තමිල්නාඩුවේ ටුටිකොරින් වෙරළට ගොඩ ගසා සිටි තල්මසුන් අතුරින් තිස් හය දෙනකු නැවත දියඹට තල්ලු කර යැවීමට ප්‍රදේශයේ ධීවරයන් ඇතුළු පිරිසක් කටයුතු කළෝය.

Image copyright M BALAMURUGAN

ජෛව විද්‍යාඥයන් විසින් මෙම සිද්ධිය හඳුන්වනු ලැබුවේ දුර්ලභ ඝනයේ සංසිද්ධියක් ලෙසයි.

Image copyright M BALAMURUGAN

මඟ වැරදීමෙන් හෝ එකිනෙකා අතර සංඥා හුවමාරු වීමේදී සිදු වූ දෝෂයක් හේතුවෙන් තල්මසුන් වෙරළට ගොඩ ගසන්නට ඇති බවයි විද්‍යාඥයන් වැඩිදුරටත් කියා සිටියේ.

Image copyright wild wonders of europe