මදයා නගරයේ ජනතාව හාමතේ -එක්සත් ජාතීන්

Image copyright

සිරියානු ආණ්ඩුවේ හමුදා විසින් වටලා සිටින මදයා නගරයේ වෙසෙන පුද්ගලයන් හාරසිය දෙනකුට වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙනු වස් ඔවුන් වහා එම නගරයෙන් ඉවත් කළ යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

එක්සත් ජාතීන්ගේ මානවීය කටයුතු පිළිබඳ ප්‍රධානී ස්ට්වීවන් ඕබ්‍රියන් ඒ බව කියා සිටියේ මදායා නගරයේ මතු වී තිබෙන අර්බුදකාරී වාතාවරණය පිළිබඳ සාකච්ඡා කරනු වස් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය කැඳවා තිබූ හදිසි රැස්වීමෙන් අනතුරුවයි.

Image copyright AP

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟය හේතුවෙන් ඇතැම් නගරවාසීන් හාමතේ මිය යමින් සිටින බවට විශ්වාසදායී ආරංචි මාර්ග ඔස්සේ වාර්තා ලැබෙන බවත් එක්සත් ජාතීන් නිවේදනය කළේය.

සිරියානු ආණ්ඩුවේ හමුදා මෙම නගරය වටලා හය මසක් ගතවෙද්දී විසි අට දෙනෙකු හාමතේ මිය ගොස් ඇති බවයි වාර්තා සඳහන් කරන්නේ.

Image copyright AFP

මේ අතරතුර ආහාර සහ ඖෂධ රැගත් ට්‍රක් රථ කිහිපයක් එහි ළඟා වී ඇති අතර තවත් ආධාර තොග යැවීම සඳහා සිරියානු ආණ්ඩුව අවසර ලබා දෙනු ඇත්ද යන්න සැක සහිත බවයි එක්සත් ජාතීන්ගේ බලධාරීන් පවසන්නේ.

Image copyright AFP