ඉරානය ඇමෙරිකානු නාවිකයන් දහයක් මුදා හරියි

Image copyright b

ඉරානයේ විප්ලවීය ආරක්ෂක බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටි ඇමෙරිකානු නාවිකයන් දහ දෙනෙක් මුදා හරින ලද බව ටෙහෙරාන් රාජ්‍ය රූපවාහිනිය මගින් නිවේදනය කරනු ලැබුණි.

ඇමෙරිකානු නාවිකයන් කණ්ඩායම අත්අඩංගුවට ගනු ලැබුණේ ඔවුන් ඉරානයට අයත් මුහුදු සීමාවට ඇතුල් වීමෙන් අනතුරුවයි.

එම මුහුදු සීමා උල්ලංඝනය සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපද බලධාරීන් විසින් සමාව ඉල්ලා සිටිනු ලැබීමෙන් මඳ වෙලාවකට පසුව නාවිකයන් කණ්ඩායම මුදා හැරීම සිදු කෙරුණ බවයි ඉරානය පවසන්නේ.

Image copyright AFP

එවැනි සමාව අයැදීමක් සිදු කෙරුණ බව ඉරාන් විප්ලවීය ආරක්ෂක බලකායේ නාවික අණ දෙන නිලධාරී ජනරාල් අලි ෆදාවී විසින් තහවුරු කරනු ලැබ ඇත.

අත්අඩංගුවට ගනු ලැබුණ ඇමෙරිකානු නාවිකයන් දහ දෙනා අතරට එක් කාන්තාවක් ද ඇතුළත් වෙයි.

Image copyright Getty
Image caption ඇමෙරිකානු නාවිකයන් ඉරාන් මුහුදේ

සිය නාවිකයන් බෝට්ටු දෙකක නැගී ගල්ෆ් මුහුදේ බහරේනය සහ කුවේටය අතර පුහුණු මෙහෙයුමක නිරත වෙමින් සිටිය දී ඉන් එක බෝට්ටුවක් යාන්ත්‍රික දෝෂයක් නිසා ඉරාන් මුහුදු කලාපයට පාවී ඇති බවයි ඇමෙරිකානු නිලධාරීන් පවසන්නේ.