ලෝක මලල ක්‍රීඩා සංගම් හිටපු ප්‍රධානියා ට දුෂණ චෝදනා

Image copyright Getty
Image caption මලල ක්‍රීඩා සංගමයේ හිටපු ප්‍රධානියා සිදුවෙමින් තිබු දුෂණ පිලිබඳ පෞද්ගලිකව දැන සිටි බවයි හෙළිවී ඇත්තේ

ලෝක මලල ක්‍රීඩා සංගමයේ හිටපු ප්‍රධානියා වන ලේමින් ඩියැක් (Lamine Diack) ක්‍රීඩා පාලන අධිකාරිය තුළ සංවිධානාත්මක දුෂණ සිදු කර ඇති බව ලෝක මත් ද්‍රවය විරෝධී නියෝජිත ආයතනය පවසයි.

එම නියෝජිත ආයතනය විසින් අද නිකුත් කල වාර්තාවට අනුව මලල ක්‍රීඩා සංගමයේ හිටපු ප්‍රධානියා සිදුවෙමින් තිබු දුෂණ පිලිබඳ පෞද්ගලිකව දැන සිටි බවයි හෙළිවී ඇත්තේ.

පසුගිය නොවැම්බර් මාසයේ දී ලේමින් ඩියැක් (Lamine Diack) ප්‍රංශයේ දී අත් අඩංගුවට ගනු ලැබුණේ මලල ක්‍රීඩා සංගමය තුළ සිදුවූ දුෂණ වලට සම්බන්ධ බවට චෝදනා ලබමින්.

එසේම අද නිකුත් වූ වාර්තාවේ ලෙමින් ඩියැක් ගේ පුත්‍රයා වන පාපා මස්ටාටා ඩියැක් (Papa Massata Diack) ද ක්‍රීඩාවට සම්බන්ධ වෙළඳපොළ උපදේශකයෙකු ලෙස කටයුතු කිරීම අවධානයට ලක් කොට තිබේ.

අල්ලස් හා දුෂණ චෝදනාවන් වෙනුවෙන් ඔහු ද ප්‍රංශයට අවශ්‍ය ව සිටින්නෙක් වේ.

මලල ක්‍රීඩා සංගමයේ වර්තමාන ප්‍රධානියා ලෙස කටයුතු කරන සෙබස්තියන් කෝ (Sebastian Coe) ලේමින් යටතේ සිටි උප සභාපති වරයායි.

එසේවුවද, ලෝක මත්ද්‍රව්‍ය විරෝධී නියෝජිත ආයතනයේ හිටපු ප්‍රධානී මෙන්ම ස්වාධීන කොමිසමේ සභාපතිවරයා ද වන ඩික් පෞන්ඩ් (Dick Pound) පැවසුවේ සෙබස්තියන් කෝ (Sebastian Coe) මලල ක්‍රීඩා සංගමයේ ප්‍රධානියා ලෙස දිගටම කටයුතු කළ යුතු බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර