ලිත්විනෙන්කෝ ඝාතනයේ සැකය රුසියාව දෙසට

Image caption සක්‍රීය විකිරණ අඩංගු ප්ලූටෝනියම් විෂ ලිත්විනේන්කෝ ගේ ශරීරගතව තිබුණි

හිටපු රුසියානු රහස් ඔත්තුකරුවෙකු වන අලෙක්සන්දර් ලිත්විනෙන්කෝ ඝාතනය කරන ලද්දේ ඇතැම්විට රුසියානු ජනාධිපති ගේ ද අනුමැතිය ලැබූ රුසියානු රහස් ඔත්තු සේවාවේ ක්‍රියාන්විතයක් මගින් බව බ්‍රිතාන්‍යයේ දී සිදු කරන ලද ස්වාධීන පරීක්ෂණයකින් සොයා ගෙන තිබේ.

2006 දී සක්‍රීය විකිරණ අඩංගු පොලෝනියම් විෂ ශරීරගත වීමෙනු යි ලිත්විනෙන්කෝ ජීවිතක්ෂයට පත් වූයේ.

බ්‍රිතාන්‍ය පරීක්ෂණ වාර්තාව මගින් ලිත්විනෙන්කෝ රුසියානු රජයේ ඉලක්කයක් බවට පත්වීමට තුඩු දුන් හේතු ගණනාවක් මතු කොට දක්වා ඇත.

රුසියානු රහස් ඔත්තු සේවාවේ (FSB) ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු හෙළි කිරීම, රුසියාවෙන් පළා යාමට පෙර පටන්ම බ්‍රිතාන්‍ය රහස් ඔත්තු අංශ සමග සබඳතා පැවැත්වීම සහ පු ජනාධිපති පුතින් සමග පෞද්ගලික අමනාපකම් පැවතීම වැනි කරුණුයි ස්වාධීන පරීක්ෂණයේ අවධානයට ලක්ව ඇත්තේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර