ප්‍රංශ ජනාධිපති ඉන්දියාවේ

Image copyright no credit

ප්‍රංශ ජනාධිපති ප්‍රන්ශුවා ඔලෝන්ද් තුන් දින නිල සංචාරයක් ආරම්භ කරමින් ඉන්දියාවට පැමිණියේය.

සංචාරයේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ දෙරට අතර ද්විපාර්ශවික වෙළඳ ගනුදෙනු වර්ධනය කර ගැනීමයි.

ජනාධිපති ඔලෝන්ද් චන්දිගර් නගරයේ ගුවන්තොටුපළින් ඉන්දියාවට ළඟා වූ අතර එහි දී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හමු වීමට නියමිතයි.

චන්දිගර් නගරය

ප්‍රංශ නගර නිර්මාණ ශිල්පියෙකු විසින් 1950 දශකයේ දී නිර්මාණය කරන ලද චන්දිගර් නගරය සංවර්ධනය කිරීමට ආධාර කරන බවට ප්‍රංශය ප්‍රතිඥා දී තිබේ.

මීට අමතරව ප්‍රංශ ප්‍රහාරක යානා මිල දී ගැනීම පිළිබඳවද ඉන්දීය අගමැතිවරයා සාකච්ඡා කරනු ඇත.

මෙය ඩොලර් බිලියන ගණනක ගනුදෙනුවකි.

අනතුරුව ප්‍රංශ ජනාධිපතිවරයා දිල්ලි අගනුවරට ළඟා වීමට නියමිතයි.

අඟහරුවාදා පැවැත්වෙන ඉන්දීය ජාතික දින උළෙලේ ගෞරවනීය ආරාධිත අමුත්තා වන්නේ ප්‍රංශ ජනාධිපති ප්‍රන්ශුවා ඔලෝන්ද්.