වාර්තාගත හිම පතනයක්

Image copyright b

එක්සත් ජනපදයේ නැගෙනහිර කලාපය අධික හිම පතනයකට ලක් වී තිබේ.

ඇතැම් ප්‍රදේශ මීටරයකට වඩා ඝන හිම තට්ටුවකින් වැසී ඇති අතර පවතින ශීත කාලගුණය නිසා දහ අට දෙනෙකු පමණ මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

බටහිර වර්ජීනියා ප්‍රාන්තයට ඇති වූ හිම පතනයෙන් සෙන්ටි මීටර එකසිය තුනක ඝනකමින් යුත් හිම තට්ටුවක් පවතී.

Image copyright b

වොෂින්ටන් නුවරට සෙන්ටි මීටර 60කට වැඩි හිම පතනයක් සිදු වී ඇති අතර නිව්යෝර්ක් නුවර සෙන්ටි මීටර 50කට වැඩි ඝන හිම තට්ටුවකින් වැසී තිබේ.

එක්සත් ජනපදයේ ප්‍රාන්ත විස්සක් පමණ හිමෙන් වැසී ඇති අතර මෑත ඉතිහාසය තුළ එක්සත් ජනපදයේ නැගෙනහිර කලාපය මුහුණ දුන් වැඩිම හිම පතනය මෙය බවයි වාර්තා වන්නේ.

Image copyright AFP

මේ අතරතුර පසුගිය දශක කිහිපය තුළ දකුණු කොරියාවේ ජෙජූ දූපතට ද ලැබුණු වැඩිම හිම පතනය මෙවර වාර්තා විය.

එම දූපතේ සංචාරකයෝ දහස් ගණනක් කොටු වී සිටිති.

ජපානයට ද අධික හිම පතනයක් සහ දැඩි සුළං සහිත කාලගුණයක් උදා වී ඇති නිසා ගමනාගමනය අඩාළ විය.

Image copyright AFP

හොංකොං කලාපයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක තුනකට පහත වැටී ඇති අතර මෙය පසුගිය දශක හය ඇතුළත වාර්තා වූ ශීතලම කාලයයි.

චීනයට ද දැඩි ශීත කාලගුණයක් උදා වීම නිසා ජනතාවට අනතුරුදායක තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට බලධාරීහු පියවර ගත්හ.

Image copyright Xinhua