තායිවානයේ අධි ශීතලෙන් අසූවක් මරුට

Image caption උෂ්ණත්වය සීග්‍ර ලෙස පහළ යෑමත් සමග මිය ගිය ඉහත කී පිරිසෙන් බහුතරයක් වයස්ගත පුද්ගලයෝ වෙති

නැගෙනහිර ආසියානු කලාපයේ පවතින දැඩි ශීත කාලගුණය හේතුවෙන් තායිවානයේ අසූ දෙනෙක් මිය යති.

තායිවානය තුළ සාමාන්‍යයෙන් පවතින්නේ සෞම්‍ය නිවර්තන කලාපීය දේශගුණයක්.

උෂ්ණත්වය සීග්‍ර ලෙස පහළ යෑමත් සමග මිය ගිය ඉහත කී පිරිසෙන් බහුතරයක් වයස්ගත පුද්ගලයෝ වෙති.

චීනය, ජපානය සහ හොංකොං ඇතුළු නැගෙනහිර ආසියානු කලාපයට අයත් බොහෝ ප්‍රදේශ, පවතින දැඩි ශීත කාලගුණය හමුවේ දැඩි දුෂ්කරතාවලට මුහුණ දී තිබේ.

Image copyright epa
Image caption ජෙජූ දූපතේ පිහිටි ගුවන් තොටුපල

දකුණු කොරියාවේ පැවති වාර්තා ගත හිම පතනය හේතුවෙන් ජෙජූ දූපත තුළ සංචාරකයෝ අනූ දහසක් කොටු වී සිටිති.

අයහපත් කාලගුණය හමුවේ වසා දැමුණු ජෙජූ දූපතේ පිහිටි ගුවන් තොටුපල මේ දක්වා විවෘත කොට නොමැත.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර