දිය යට අසිරිය

Image copyright Ali Bin Thalith

අලි බින් තාලිත් හැදී වැඩුණේ ඩුබායි වෙරළාසන්නයේ. ඔහුගේ පියාත් සීයාත් කිමිදුම්කරුවන්. ඔවුන් මුහුදේ කිමිදුනේ මුතු එකතු කරන්න. ඒ නිසා වෙන්න ඇති අලි බින් දිය යට ඡායාරූපකරණයට විශේෂඥයෙක් වුනේ.

Image copyright Ali Bin Thalith

‘ඉන්දීය සාගරයේ අන්දමන් දූපත් ආශ්‍රිතව අලි සමඟ පිහිනීම ත්‍රාසජනක වුනත් අමතක නොවන අපූරු අත්දැකීමක්’ අලි බින් තාලිත් පවසයි.

Image copyright Ali Bin Thalith

මැලේසියානු මුහුදේ කිමිදුණු අවස්ථාවක දුටු සුන්දරත්වය කාචයේ සටහන් වූ අයුරු.

Image copyright Ali Bin Thalith

ඉන්දුනීසියානු සාගර පතුලේත් සුන්දරත්වයේ අඩුවක් නැහැ.

Image copyright Ali Bin Thalith

'සරාගී ඉස්සා' අමුතු නර්තනයක යෙදෙන අයුරු දුටුවේ පිලිපීන මුහුදේ දී.

Image copyright Ali Bin Thalith

බහාමාස් මුහුදේ මෝරුන් සමඟ

Image copyright Ali Bin Thalith

රාත්‍රීයේ දී පමණක් කළ එළි බසින මේ බුවල්ලා හමු වුනේ පිලිපීන මුහුදේ දී.

Image copyright Ali Bin Thalith

ඡායාරූප රැගෙන මතු පිටට එද්දී කැමරාව මත සිටි අමුත්තෙක්. දියට වැටුණු කටුස්සා දැඩි වෙහෙසට පත්ව සිටි නිසා ගිමන් හරින්නට එල්ලුනේ කැමරා ආධාරකයේ.

'මම හෙමිහිට ඇයව පිටු පසින් පෙනෙන දූපතට ඇරලුවා' අලි බින් පැවසීය.

Image copyright Ali Bin Thalith

අන්දමන් දූපත් දෙකක් අතර පිහිනා යන මුව රැළක්. 'මේක ගන්න දවස් ගානක් බලා හිටියා. මුවන්ටත් හොඳට පීනන්න පුළුවන්.' අලි බින් තාලිත් ගේ මතකය.