ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මාලදිවයින් හිටපු නායකයා ආපසු යාවිද?

ශල්‍යකර්මයක් සිදු කර ගැනීමේ අරමුණින් මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් පසුගියදා බ්‍රිතාන්‍යයට ළඟා විය.

ඔහු සුෂුම්නාවේ පවතින ආබාධයකට හදිසි ප්‍රතිකාර ගැනීම සඳහා බ්‍රිතාන්‍යයට පැමිණියේ ශ්‍රී ලංකාව හරහායි.

පසුගිය වසරේදී මතභේදකාරී වාතාවරණයක් යටතේ මාලදිවයිනේ හිටපු ජනපති සහ වත්මන් විපක්ෂ නායක මොහොමඩ් නෂීඩ් වසර දහතුනකට සිර ගත කරනු ලැබුවේ ත්‍රස්ත මර්දන නීතිය යටතේයි.

Image copyright AFP

මාලදිවයින් ආණ්ඩුව විසින් හිටපු ජනපතිවරයාට ප්‍රතිකාර ගැනීම සඳහා දින තිහක කාලයක් ලබා දී තිබෙන අතර ජාත්‍යන්තර ජන මාධ්‍ය වෙතින් නැගෙන ප්‍රධානම ප්‍රශ්නය ඔහු දින තිහකින් පසු නැවතත් මාලදිවයිනට ගොස් සිරගත වීමට සුදානම්ද යන්නයි.

බීබීසි සේවය ඔස්සේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් සහ වත්මන් මාලදිවයින් රජය සමග සිදු කෙරුණු සම්මුඛ සාකච්ඡා සහ විමසීම් ඇසුරෙන් සැකසුනු සවිස්තරාත්මක වාර්තාවට සවන් දෙන්න.