මැලේසියානු අගමැතිට එරෙහිව යළි පරීක්ෂණ

Image copyright Reuters
Image caption ඔහු චෝදනාවෙන් නිදහස් කිරීම බොහෝ දෙනෙකු විසින් අනුමත කරනු ලැබ ඇති බවයි සඳහන් වන්නේ

මැලේසියානු අගමැති නජීබ් රසාක් (Najib Razak) නීති විරෝධී ලෙස ඩොලර් මිලියන ගණනක මුදලක් ලබා ගැනීමේ චෝදනාවෙන් නිදහස් කිරීමට ගත් තීරණය යළි සලකා බැලීමට අවශ්‍ය බව එරට දුෂණ විරෝධී නියෝජිත ආයතනය පවසනවා.

අඟහරුවාදා මැලේසියානු නීතිපතිවරයා පැවසුවේ අගමැතිවරයා විසින් නීතිය උල්ලංඝණය කර ඇති බවට කිසිදු සාක්‍ෂියක් සොයා ගෙන නැති බවයි.

2013 පාර්ලිමේන්තු මැතිවරණයට පෙර නජීබ් රසාක් සෞදි අරාබි රජ පවුලෙන් ඩොලර් මිලියන 700 ක් ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම චෝදනාව හේතුවෙන් අගමැතිවරයා ඉවත් කළ යුතු බවට ජනතා රැල්ලක් ද පැන නැගුණු අතර අගමැතිවරයා චෝදනාවෙන් නිදහස් කිරීම දෙස බොහෝ දෙනෙකු සැක මුසු ලෙස බලන බවයි සඳහන් වන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර