සිරියානු විපක්ෂය ජිනීවා සාකච්ඡා මේසයේ

Image copyright AP
Image caption එක්සත් ජාතීන්ගේ සංවිධානේ විශේෂ නියෝජිත ස්ටැෆාන් ඩි මිස්තුරා

සාම සාකච්ඡා වර්ජනය කරන බව ප්‍රකාශ කර සිටි සිරියාවේ අසාද් ආණ්ඩුවට එරෙහි ප්‍රධාන කණ්ඩායම් සාම සාකච්ඡා වලට සහභාගී වීමට එකඟතාව පල කර ඇත.

එළඹෙන සෙනසුරාදා එම කණ්ඩායම් වල නියෝජිතයන් ජිනීවා වෙත පැමිණීමට නියමිතයි.

පස් අවුරුදු බිහිසුණු යුද්ධය අවසන් කිරීමේ අරමුණෙන් මේ වන විට ජිනිවා නගරයේ සිරියානු සාම සාකච්ඡා පැවැත්වෙමින් තිබේ.

Image copyright AP
Image caption සිරියානු නියෝජිතයන්

මේ අතර සිරියාවේ මාදය නගරයේ තවත් පුද්ගලයන් දාසය දෙනකු මිය ගොස් ඇති බව දේශ සීමා රහිත වෛද්‍ය වරුන්ගේ සංගමය (MSF) පවසයි.

වැටලීමට ලක්ව තිබෙන මාදය නගරය තුලට මේ මස මුල් භාගයේදී සහන සේවා කණ්ඩායම් වලට ඇතුළු වීමට අවසර ලැබුණි.

නගරය තුල මේ වන විට මන්ද පෝෂණයෙන් පෙලෙන පුද්ගලයන් තුන්සීයකට අධික පිරිසක් සිටින අතර ඉන් තිස් දෙනකු පමණ මිය යාමට ඉඩ ඇති බවයි සීමා රහිත වෛද්‍ය වරුන්ගේ සංගමය පවසන්නේ.

පසුගිය වසර අවසානයේ ද මාදය නගරය තුල සිර වී සිටින සිරියානු වැසියන් තිස් දෙනකු කුසගින්නේ මියගිය බවයි MSF සංවිධානය විසින් කරන ලද ප්‍රකාශයක සඳහන් වුනේ.