සිරියාව: බෝම්බ ප්‍රහාර මාලාවක්

Image copyright Reuters

සිරියාවේ දමස්කස් නුවරට නුදුරු ප්‍රදේශයකට එල්ල වූ බෝම්බ ප්‍රහාර මාලාවකින් අඩු තරමින් හතළිස් පස් දෙනෙකුවත් මිය ගොස් තිබේ.

තුවාල ලබා ඇති පිරිස සියයකට අධිකයි.

Image copyright Reuters

ප්‍රහාරයේ වගකීම අයි එස් සංවිධානය භාර ගෙන ඇති අතර එහි සිටින බීබීසී වාර්තාකරු පවසන්නේ ගින්නට හසු වූ ගොඩනැගිලි සහ වාහන දැක ගත හැකි බවයි.

ප්‍රහාරය එල්ල වී ඇත්තේ හමුදා භටයන්ගේ නිවාස සංකීර්ණයකටයි.

Image copyright AFP

සිරියානු සාම සාකච්ඡා සඳහා ජිනීවා නුවරට ගොස් සිටින රජයේ නියෝජිත කණ්ඩායමේ ප්‍රධානියා කියා සිටියේ ත්‍රස්තවාදය සහ විරුද්ධ පක්‍ෂ අතර පවතින සබඳතාව මෙම ප්‍රහාරයෙන් පැහැදිලි වන බවයි.

Image copyright Getty