සිරියානු සරණාගතයන් බාර ගැනීම අපහසුයි - ජෝර්දානය

Image copyright EPA

සිරියානු සරණාගතයන් බාර ගැනීමේ හා ඔවුන් රැක බලා ගැනීමේ හැකියාව තම රටට තවදුරටත් දරා ගැනීමට හැකි තත්වය ඉක්මවා යන බව ජෝර්දානයේ අබ්දුල්ලා රජු ප්‍රකාශ කරයි.

අබ්දුල්ලා රජු බීබීසීය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් එසේ ප්‍රකාශ කළේ බ්‍රහස්පතින්දා ලන්ඩනයේ පැවැත්වෙන ආධාර දෙන රටවල ජාත්‍යන්තර සමුළුවකට පෙරයි.

තව තවත් ආධාර නොලැබුනොත් සහ ජෝර්දාන ජාතිකයන් සඳහා වැඩිපුර රැකියා අවස්ථා උදා නොවුනහොත් තම රටට තවදුරටත් සරණාගතයන් බාර ගැනීම සිදු කළ නොහැකි බව අබ්දුල්ලා රජු පැවසුවේය.

Image copyright AFP

සිරියානු අර්බුදය ආරම්භ වීමට පෙර සිට ජෝර්දානය විසින් දස දහස් ගණන් සිරියානු අනාථයන්ට තම රටට ලඟා වීමට ඉඩ ලබා දෙන ලදී.

එම පිරිස් සිරියානු ජනගහනයෙන් සියයට විස්සක් පමණ වේ.