ජර්මනියේ කොලෝන් සැණකෙළියට දැඩි ආරක්ෂාව

Image copyright AP

ජර්මනියේ කොලෝන් නගරයේ අලුත් අවුරුදු දිනයේ සිදු වූ ලිංගික අතවර සහ සොරකම් මාලාව හේතුවෙන් මෙවර කොලෝන් සැණකෙළියට දැඩි ආරක්ෂාවක් සැපයීමට ජර්මානු බලධාරීන් පියවර ගෙන තිබේ.

උතුරු අප්‍රිකානු සම්භවයක් සහිත මිනිසුන් කණ්ඩායමක් ප්‍රධාන වශයෙන්ම අලුත් අවුරුදු උත්සවයේ සිදු වූ ලිංගික අඩන්තේට්ටම් වලට සම්බන්ධ වූ බව තහවුරු කිරීමට මේ වන විට බලධාරීන් පරීක්ෂණ පවත්වමින් සිටියි.

Image copyright Reuters

මෙවර කොලෝන් සැණකෙළිය වෙනුවෙන් දෙදහසකට අධික පොලිස් නිලධාරීන් නගරයේ සේවයට යොදවා තිබේ.

අලුත් අවුරුදු සිදුවීම් මාලාව ජාතික වශයෙන් දැඩි අවදානයට ලක්ව තිබෙන අතර ප්‍රාදේශීය ජර්මානු ජන සමාජය සහ විශාල ගණනින් පැමිණ සිටින සංක්‍රමණිකයන් අතර ගැටුම් ඇති වීමේ බියක් හට ගනිමින් තිබේ.

Image copyright EPA

සංස්කෘතිකමය සංහිඳියාව ඇති කිරීම අරමුණු කර ගෙන කොලෝන් චාරිත්‍ර වාරිත්‍ර පැහැදිලි කරන පත්‍රිකා සංක්‍රමණිකයන් අතර බෙදා හැරීමට බලධාරීන් පියවර ගෙන ඇත.