වධ හිංසා ජායාරූප දෙසීයක් එළිදැක්වෙයි

Image copyright PA
Image caption රැඳවියන්ට වධහිංසා කිරීම් සම්බන්ධ නඩු 14 ක චෝදනා අදාළ ඡායරූප මගින් සනාථ වී ඇති බවයි පෙන්ටගනය පවසන්නේ

තොරතුරු දැන ගැනීමේ අයිතිය මත කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින්, ඉරාකයේ සහ ඇෆ්ගනිස්ථානයේ දී හමුදා අත්අඩංගුවට පත්ව වධහිංසා වලට ලක්වූ රැඳවියන් හා සම්බන්ධ ඡයාරූප 200 ක් පමණ ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව (පෙන්ටගනය) විසින් නිකුත් කරනු ලැබ තිබේ.

මෙම ඡයාරූප වලින් වැඩි ප්‍රමාණයක් ඇමරිකානු රැඳවුම් කඳවුරු වල සිටි සිරකරුවන්ගේ කැපුම් සහ තැළුම් තුවාල වල සමීප රූප බවයි වාර්තාවේ සඳහන් වන්නේ.

වැඩි වශයෙන් 2004 සහ 2006 යන කාල වකවානුවට අයත් මෙම ඡායාරූප රැඳවියන්ට වධහිංසා කිරීම පිලිබඳ අපරාධ පරීක්ෂණ සඳහා යොදා ගත් ඒවායි.

රැඳවියන්ට වධහිංසා කිරීම් සම්බන්ධ නඩු 14 ක චෝදනා අදාළ ඡායරූප මගින් සනාථ වී ඇති අතර යුද හමුදා සාමාජිකයන් හැටපස් දෙනෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි 'පෙන්ටගනය' පවසන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර