ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

දිවියෙක් පාසලකට කඩා වදියි

ඉන්දියාවේ බැංගලෝර් නුවර පාසලකට කඩා වැඩුණු දිවියෙක් ඇල්ලීමට තැත් කළ පුද්ගලයන් හය දෙනෙකු තුවාල ලබා තිබේ.

ඊයේ පාසලක් තුලට කඩා වැඩුණු මෙම දිවියා කොටු කර ගැනීමට පැය දහයක කාලයක් තිස්සේ උත්සාහ කළ විද්‍යාඥයෙකු සහ වන සංරක්ෂණ නිලධාරීන් කිහිප දෙනකුයි මෙලෙස සත්වයාගේ සපා කෑම් වලින් තුවාල ලබා තිබෙන්නේ.

පසුව දිවියා සුළු විදුලි සැරයක් මගින් සන්සුන් කර කැලයට මුදා හැරීමට වන සංරක්ෂණ නිලධාරීන් කණ්ඩායම සමත්ව තිබේ.

මෑතකදී සිදු කරන ලද සංගණනයකින් හෙළි වී තිබෙන්නේ ඉන්දියාවේ දිවියන් 12,000ත් 14,000ත් අතර ප්‍රමාණයක් ජීවත් වන බවයි.

අවුරුදු අටක් වයසැති දිවියා පාසල් භුමියේ පිහිනුම් තටාක සංකීර්ණයේදී වන සංරක්ෂණ නිලධාරියෙකුට පහර දෙන ආකාරය ආරක්ෂක කැමරාවක සටහන් වී තිබුණි.

පසුගිය වසරේ උතුරු ඉන්දියාවේ රාජස්තාන් ප්‍රාන්තයේ පිපාසයෙන් පෙළෙමින් ගම්මානයකට පැමිණි දිවියෙක් යකඩ මුට්ටියක් තුල සිය හිස සිර කර ගෙන පැය පහක් පමණ කාලයක් සැරිසරන වීඩියෝ පටයක් ප්‍රසිද්ධියට පත් විය.