චීන නව අවුරුදු අසිරිය

Image copyright AFP
Image caption බ්‍රසෙල්ස් නුවරට පැමිණි වයිවර්ණ අමුත්තා

ලෝකය වටා සිය දහස් ගණන් චීන ජාතිකයන් සිය අලුත් අවුරුද්ද උත්සවාකාරයෙන් සමරනු ලැබීය.

චීන සම්ප්‍රදායට අනුකූල ග්‍රහරාශි චක්‍රයේ සත්වයන් දොළොසකි. චීන චන්ද්‍ර වර්ෂය අනුව මෙම වසර සංකේතවත් කරන්නේ වඳුරා යි.

Image copyright Reuters
Image caption අලුත් අවුරුදු ආගමික වතාවත් වලට සහභාගී වීමට හොංකොං ‘වොන් තායි සින්’ පන්සල වෙත පැමිණි බැතිමතුන්

චීනයේ බේජිං නුවර අලුත් අවුරුදු සැණකෙළියේ පළමු දවස ආරම්භ වූයේ ගිනිකෙළි සංදර්ශනයක් සමගිනි.

චීන ජාතිකයන් අවුරුදු සැණකෙළි වලට සහභාගී වෙමින්, ආගමික වතාවත් වල නියැලෙමින් සහ නෑදෑ හිතමිතුරන් මුණ ගැසෙමින් ඉතා උත්කර්ෂවත් ලෙස අලුත් අවුරුද්ද සැමරූ බවයි වාර්තා වෙන්නේ.

Image copyright AFP
Image caption නව වසරේ ආරම්භක සත්වයා වන වඳුරා සංකේතවත් කරමින් බේජිං නුවර පැවති ගිනිකෙළි සංදර්ශන.
Image copyright Reuters
Image caption පිලිපීනයේ ‘මැනිලා චීන නගරය’ අලුත් අවුරුද්ද සමරමින්
Image copyright AFP
Image caption උතුරු කොරියාවේ දේශ සීමාව ආසන්නයේ පිහිටි 'ඩ්ඇන්ඩොන්' නගරයේ අලුත් අවුරුදු සැමරුම්
Image copyright EPA
Image caption සිංගප්පුරුවේ ‘ක්වෑන්ග් ඉම්තෝ’ පන්සලට රැස්වූ පිරිස් සුවඳ දුම් පුදමින් නව වසරට ආශීර්වාද පතමින්
Image copyright AFP
Image caption මියන්මාරයේ විශාලතම නගරය වන යැන්ගූන් හි මකර නැටුමක් රඟ දක්වන අයුරු
Image copyright Getty
Image caption ස්කොට්ලන්තයේ චීන ජනතාව සිය සංස්කෘතික ඇඳුම් වලින් සැරසී අලුත් අවුරුදු උත්සවයක් පැවැත්වීය.
Image copyright AP
Image copyright Reuters
Image copyright AFP
Image caption පහන් කූඩු සහ විදුලි බුබුළු වලින් ආලෝකමත් වුනු මැලේසියාවේ ක්වාලාලම්පුර් නුවර 'තියාන් හොවූ' පන්සල.
Image copyright AFP
Image caption කාම්බෝදියාවේ අලුත් අවුරුදු සැණකෙළියේ මකර නැටුම්
Image copyright AFP
Image caption ඇමරිකාවේ නිව්යෝර්ක් නගරය චීන අලුත් අවුරුද්ද සමරුවේ ගිනිකෙළි සංදර්ශනයක් සමගයි.