මියන්මාර් නව ජනාධිපති මාර්තු මාසයේ

Image copyright AFP
Image caption ජනපති ධුරය සඳහා අයකු පත් කර ගැනීමේ බලය හිමි වන්නේ මියන්මාර පාර්ලිමේන්තුවටයි

මාර්තු මස මැද භාගය වන තෙක් නව ජනපතිවරයකු තෝරා පත් කර නොගන්නා බව මියන්මාර පාර්ලිමේන්තුව නිවේදනය කළේය.

ජනපති ධුරය සඳහා අයකු පත් කර ගැනීමේ බලය මියන්මාර පාර්ලිමේන්තුවට හිමි වන අතර ඒ සඳහා මාර්තු මාසය තෙක් කල් ලබා ගැනීම සම්බන්ධයෙන් නිල වශයෙන් හේතු දක්වා නොමැත.

හිටපු දේශපාලන සිරකාරියක වන අවුන් සාන් සුචීට ජනපති ධුරයට පත් වීම සඳහා ඉඩ අහුරා ඇති එරට ව්‍යවස්ථාව සංශෝධනය කරනු වස් යෝජනාවක් හඳුන්වා දීමට ඇයගේ පක්ෂය උත්සාහ දරන බවට මත පළ වන්නේ මේ අතරතුරයි.

පසුගිය නොවැම්බරයේ පැවති මැතිවරණයෙන් අවුන් සාන් සුචීගේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගය විශිෂ්ට ජයක් වාර්තා කළේය.

අවුන් සාන් සුචීගේ පක්ෂයට බහුතර බලයක් හිමි වුවත් එරට ව්‍යවස්ථාවට අනුව ඇයට ජනාධිපති පදවියට පත් විය නොහැක.

තම පවුලේ සාමාජිකයෙකු වෙනත් රටක පුරවැසි භාවය ලබා ඇත්නම් ඔහු හෝ ඇය මියන්මාරයේ ජනාධිපති පදවියට පත් කිරීම ව්‍යවස්ථාවෙන් තහනම් කොට ඇත.

අවුන් සාන් සුචීගේ පුතු බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි අයෙකි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර