මුළු රටේම පාලනය යළි අතට ගන්නවා -අසාද්

Image copyright AFP
Image caption සිරියානු ජනාධිපති බශාර් අල් අසාද්

එක්සත් සිරියාවේම පාලනය සියතට පත් වන තුරු සටන් කරන බව සිරියානු ජනාධිපති බශාර් අල් අසාද් පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ප්‍රංශ පුවත් සේවය සමග විශේෂ සාකච්ඡාවකට සහභාගී වෙමින්.

තමන්ට එරෙහිව සටන් වදින එදිරි වාදී කණ්ඩායම් සියල්ල මර්දනය කිරීමට දීර්ඝ කාලයක් ගත වෙනු ඇති බවයි ඔහු වැඩි දුරටත් කියා සිටියේ.

Image copyright RIA Novosti
Image caption රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුතීන් සහ සිරියානු ජනාධිපති බශාර් අල් අසාද්ගේ බැනරයක්

අවශ්‍යතාවක් වෙතොත් සාම මෙහෙයුම් අතරතුරත් ත්‍රස්තවාදයට එරෙහි සටන් ගෙන යන බවයි ඔහු පවසන්නේ.

මාස කිහිපයකට පෙර සිරියානු ජනාධිපති අල් අසාද්ගේ හමුදා දුර්වල වෙමින් පවතින බවට වාර්තා පළ වුවද පසුව රුසියානු ගුවන් හමුදාවේ සහය ලැබීමත් සමග මේ වන විට අසාද් පාලනයේ හමුදා සාර්ථක ලෙස ඉදිරියට යමින් සිටියි.