ලොව විශාලතම රේඩියෝ දුරේක්ෂය චීනයේ

Image copyright Reuters

ලොව විශාලතම රේඩියෝ දුරේක්ෂය ඉදි කිරීමට නියමිත භූමි ප්‍රදේශයේ වෙසෙන දස දහසකට ආසන්න පිරිසක් ඉවත් කිරීමට චීනය කටයුතු සුදානම් කරමින් සිටියි.

මෙම දුරේක්ෂය ඉදි කෙරෙන්නේ අභ්‍යාවකාශයෙන් නිකුත් වන ශබ්ද සංඥා හසු කර ගැනීම සඳහායි.

විශ්වය තුළ බුද්ධිමත් ජීවයක් සෙවීමේ උත්සාහයට රේඩියෝ දුරේක්ෂය සහාය වනු ඇති බව ව්‍යාපෘතිය භාර ප්‍රධාන විද්‍යාඥයින් එරට රජයේ රූපවාහිනියට පවසා තිබේ.

Image copyright Getty

මෙම දුරේක්ෂයේ කාච විවරය මීටර පන්සියයක විශ්කම්භයක් සහිතයි.

ප්‍රදේශවාසීන් ඉවත් කිරීමට චීන රජය තීරණය ගෙන ඇත්තේ දුරේක්ෂයේ විද්‍යුත් චුම්බක තරංගවලට මිනිස් ක්‍රියාකාරකම් මගින් බාධා එල්ල වීම වළක්වා ගැනීම සඳහායි.

නිරිත දිග ගුයිෂෝ පළාතේ (Guizhou) වැසියන්, දුරේක්ෂය ඉදි කිරීමට නියමිත භූමි ප්‍රදේශයෙන් බැහැර, වෙනත් ප්‍රදේශයක මාස හයක් ඇතුළත යළි පදිංචි කර වීමට නියමිත බවයි බලධාරීන් කියා සිටියේ.