හනුමන් දෙවියන්ට උසාවියෙන් කැඳවීමක්

Image copyright AP

නැගෙනහිර ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ උසාවියක් ‘හනුමන්’ දෙවියන්ට අධිකරණය ඉදිරියේ පෙනී සිටින මෙන් නියෝගයක් නිකුත් කර ඇත.

හනුමන් දෙවියන් අධිකරණය ඉදිරියට කැඳවනු ලැබ තිබෙන්නේ එතුමන් නමට කැප කරනු ලැබ ඇති දෙවොලක් මුල් කර ගෙනයි.

බිහාරයේ ‘රොහ්ටාස්’ දිස්ත්‍රික්කයේ රජයේ වැඩ දෙපාර්තමේන්තුව පවසන්නේ, එම දේවාලය මහා මාර්ගයේ රථ වාහන තදබදයකට හේතු වී ඇති හෙයින් එය එම ස්ථානයෙන් ඉවත් කළ යුතුව ඇති බවයි.

Image copyright PTI
Image caption බිහාරයේ පැට්නා නගරයේ හනුමන් මන්දිරය

රජයේ වැඩ දෙපාර්තමේන්තුවේ ඉල්ලීමක් අනුව නිකුත් කොට ඇති අධිකරණ නියෝගය හනුමන් දෙවොලේ ප්‍රතිමාවක අලවා ඇති බවයි වාර්තා වන්නේ.

එහෙත් ‘බජ්රාන් ඩාල්’ හින්දු සටන්කාමී සංවිධානයේ සාමාජිකයන් සහ භාරතීය ජනතා පක්ෂයේ ක්‍රියාකාරිකයන් කියා සිටින්නේ අධිකරණ නියෝගය ඉවත් කර ගන්නා ලෙසයි.