හර්යානා ප්‍රාන්ත විරෝධතාවලින් තිදෙනෙක් මරුට

Image copyright pt
Image caption හර්යානා ප්‍රාන්ත ජාත් (Jat) ජන ප්‍රජාව ඉල්ලා සිටින්නේ රැකියා සහ අධ්‍යාපන අවස්ථා ලබා දෙන ලෙසයි

ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ කලබලකාරී වාතාවරණයක් පැවති නගර තුනක ඇඳිරි නීතිය පනවා ඇත.

නීතිය කඩ කරන්නන්ට දුටු තැන වෙඩි තබන ලෙසයි පොලීසිය නියෝග කොට ඇත්තේ.

රැකියා සහ අධ්‍යාපන අවස්ථා ලබා දෙන ලෙස ඉල්ලමින් ජාත් (Jat) කුලයට අයත් ජන ප්‍රජාව විසින් මෙහෙයවූ දින ගණනාවක උද්ඝෝෂණ වලින් පසු සිකුරාදා සිට මේ දක්වා පුද්ගලයන් තිදෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පොලිස් රථවාහන, රජයේ ගොඩනැගිලි සහ වෙළඳ සංඛීර්ණ ගිනි තබා ඇති අතර කලබල මැඩපැවැත්වීම පිණිස යුද හමුදාව කැඳවා තිබේ.

මෙසේ කලබල ඇතිවූ ප්‍රදේශ දිල්ලි අගනගරයට සමීපව පවතින ඒවා වන අතර රටේ උතුරු ප්‍රදේශය හා අගනගරය යා කෙරෙන අධිවේගී මාර්ග දෙකක් අවහිර කිරීමටයි විරෝධතාකරුවන් උත්සාහ දරා ඇත්තේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර