ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'පර්ල් හාබර්' හෙලිකොප්ටර් අනතුර

මගීන් පස් දෙනකු රැගත් පෞද්ගලික හෙලිකොප්ටර් යානයක් හවායිහි 'පර්ල් හාබර්' වරාය ආසන්නයේ මුහුදු තීරයට කඩා වැටුණු බව බලධාරීහු පවසති.

අනතුරට පත් යානයේ ගමන් ගත් දාහතර හැවිරිදි පිරිමි දරුවකු අසාධ්‍ය තත්වයේ පසු වන බවයි බලධාරීන් කියා සිටියේ.

අසල සිටි පිරිස් ක්ෂණිකව ක්‍රියාත්මක වී යානයේ සිටි මගීන් රෝහල වෙත රැගෙන ගොස් ඇත.