මියන්මාරයේ පොපි වගාවට එරෙහි විරෝධතා

Image copyright AP

මියන්මාරයේ උතුරු කාචින් ප්‍රාන්තයේ පොපි වගාවන් විනාශ කරන බවට ප්‍රකාශ නිකුත් කළ මත් ද්‍රව්‍ය විරෝධී කණ්ඩායම් සහ වගාකරුවන් අතර ගැටුම් වැලක් වීමට ප්‍රාන්ත පොලිසිය මැදිහත් වී තිබේ.

පොලිස් බාධක හමුවේ 'පාත් ජසාන්' නම් මෙම ක්‍රිස්තියානි කණ්ඩායමේ සිය ගණන් සාමාජිකයන් වයින්ග්මාවූ නගර සීමාව ආසන්නයේ කඳවුරු ලාගෙන සිටින බවයි වාර්තා වන්නේ.

Image copyright Getty
Image caption හමුදා ඇඳුම් වලින් සැරසුනු 'පාත් ජසාන්' සාමාජිකයෙක්

මෙම මත් ද්‍රව්‍ය විරෝධී කණ්ඩායම් හමුදා ඇඳුම් වලින් සැරසී මියන්මාරයේ දේශ සීමාව ආසන්නයේ පිහිටා තිබෙන අබිං නිෂ්පාදන සිදු කෙරෙන පොපි වගාවන් විනාශ කිරීමට උත්සාහ දරා තිබේ.

සාම්ප්‍රදායික ඖෂධයක්

පොපි වගාකරුවන් පවසන්නේ මෙම විරෝධතා කරුවන්ට නගරය තුලට ඒමට ඉඩ ප්‍රස්තා ලබා දුන්නොත් ඔවුන්ට එරෙහිව දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවයි.

මියන්මාරය ගිනිකොන දිග ආසියාවේ ප්‍රධානම අබිං නිෂ්පාදක රට වන අතර ලෝකයේ ඇෆ්ගනිස්තානයට පසු දෙවන විශාලම අබිං සපයන්න රටයි.

Image copyright AFP

පොපි වගාවේ නිෂ්පාදනයක් වන අබිං අතීසාරය, පාචනය සහ තවත් රෝග කිහිපයක් සඳහා සාම්ප්‍රදායික ඖෂධයක් වශයෙන් ද භාවිතා කරයි.

කෙසේ වෙතත් මත් ද්‍රව්‍ය සහ අපරාධ වැළැක්වීම සඳහා වූ එක්සත් ජාතීන්ගේ ආයතනය පවසන්නේ සිය සමීක්ෂණ දත්ත වලට අනුව මියන්මාරයේ සහ ලාවෝසයේ වගා කරන පොපි අස්වැන්නෙන් ටොන් 73.1 ත් 82.3ත් අතර ප්‍රමාණයක් අඩු තත්වයෙන් යුතු හෙරොයින් නිෂ්පාදනයට යොදා ගන්නා බවයි.