නේපාලයේ තවත් ගුවන් යානයක් කඩා වැටෙයි

Image copyright Reuters

නේපාලයේ ගුවන් යානයක් කඩා වැටීමෙන් යානය පැදවූ ගුවන් නියමුවා සහ ඔහුගේ සහයක නියමුවා මිය ගොස් ඇති බව එරට බලධාරීහු පවසති.

මේ සතිය තුල නේපාලයෙන් වාර්තා වූ දෙවන ගුවන් අනතුර මෙයයි.

බටහිර නේපාලයේ කඳු පාමුලක පිහිටා තිබෙන වගා බිමකට කඩා වැටුණු ගුවන් යානයේ මගීන් එකොළොස් දෙනෙකු ගමන් ගෙන තිබේ.

Image copyright Reuters
Image caption පසුගිය බදාදා අනතුරට පත්වූ යානයේ ගමන් ගත් මගීන්ගේ ඥාතීන් සිය ශෝකය පල කරමින්

නේපාල රජයේ ප්‍රකාශකයෙකු කියා සිටියේ යානය අනතුරට ලක් වීමට හේතුව කාර්මික දෝෂයක් බවයි.

ගුවන් යානය කඩා වැටී ඇති ජනශුන්‍ය ප්‍රදේශය වෙත මේ වන විට ගලවා ගැනීමේ කණ්ඩායම් පිටත් කර යවා ඇති බව වාර්තා වෙයි.

පසුගිය බදාදා (http://www.bbc.com/sinhala/world/2016/02/160224_smbp_nepal_plane_crash) මගීන් විසි තුන් දෙනෙකු රැගත් යානයක් නේපාල කඳු මුදුනක ගැටී අනතුරට ලක් වූ අතර යානයේ ගමන් කළ සියලුම පුද්ගලයන් මරණයට පත් විය.